Beyondorganicworld.lk

01). අරමුණු

  • ගෝලීය උණුසුම සීග්‍ර ලෙස ඉහල යාම, පරිසර දූෂණය, ජනගහනය සීග්‍රයෙන් ඉහල යාම, ආහාර අර්බුද ගෝලීය ව්‍යසනකාරී අවදානම මානසික සෞඛ්‍ය නීරෝගී නොවීම , දේශගුණික විපර්යාස, ජෛව තාක්‍ෂණ අවදානම, පාරිසරික බිඳවැටීම, න්‍යෂ්ටික සංහාර, වසංගත තත්ව ලොකයේ අප විසින් දැනට මුහුණ පා ඇති සහ ඉදිරි අනාගතයේදී මහත් ව්‍යසන තත්වයන්ට මුහුන දීමට සිදුවන ප්‍රශ්න සහ ගැටලු වේ.
  • මෙම ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සහ මුහුණ දිම අප එකිනෙකා  තනි තනි වශයෙන් නොව සාමුහික වශයෙන් සමාජයට ලෝකයට  මෙම  ගැටලු නිරාකරනය කර ගැනීම උදෙසා කටයුතු කිරීම අපගේ වගකීමක්  වන අතර අපට මෙම ලෝකයේ ජීවය පවත්වාගෙන යාමට  දායක  විය හැකිවේ. මෙසේ  අප වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් තව දශක 2-3 පෘථිවියේ ජීවය පවත්වාගත නොහැකි මට්ටමකට පත්වනු නොඅනුමානය.
  • මේ වනවිටත් බොහෝ ලෝක බලවතුන් මෙය තෙරුම්ගෙන තිබුනද ඔවුනටද මෙය තනිව සිදු කල නොහැකිය. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වේ.

ලෝක බලවතුන්ගේ අවදානයට යොමුවූ කරුණු කීපයක් පහත දක්වා ඇත.

“ මනුෂ්‍යත්වය ස්වභාව ධර්මයට එරෙහිව යුද්ධ කර ඇත. අප එය නැවැත්විය යුතුය. පෘථිවිය අපගේ එකම නිවසයි. අපි ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ට සීමා කළ යුතුයි. එකට ක්‍රියා කිරීමට කාලය දැන් පැමිණ ඇත.
ජනාධිපති චාල්ස් මයිකල්

තවද G7 සමුලුවේදී ලෝක බලවතුන් විසින් ගත් තීරන රැසක් පහත ඇමුණුමෙහි වේ.

  • ලෝකයේ මේ ඇතිවී ඇති අර්බුද සඳහා තරුණ ප්‍රජාව එකතු කොට ගෙන විසඳුම් සෙවීමට අප විසින් සිදු කරනු ලබන වෑයමක් වන අතර මේ සඳහා ඔබේ පූර්ණ සහයෝගය අප විසින් අපේක්ෂා කරනු ලබයි.
  • මේ ප්‍රශ්න සඳහා විසඳුම් ලෝක නායකින්ට, බලවතුන්ට පෞද්ගලිකව විසදා දිය නොහැකි අතර ඒ සඳහා අපද  එකට එකතු වී සාමූහිකව  මෙම ප්‍රශ්න සඳහා විසඳුම් සෙවිය යුතු වේ.
  • අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් ලෝකයට ආදර්ශයක් ලෙස  “මොඩුයුලයක්” (module) ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
  • මෙම ප්‍රශ්ණ වල වැඩි බලපෑම ඇත්තේ අප තරුණ හා ළමා පරපුරට වේ. දැනට අවු.1-20 වයස් කාණ්ඩ වල පසුවන දරුවන් තව අවුරුදු  20 කින් පමණ මෙම ප්‍රශ්ණ වලින් පීඩා විඳීමේ අවධානමට වඩා ඔවුන්ව දැනුවත් කර පරිසර පද්ධතියේ මෙම ප්‍රශ්න පිළිබඳව නිසි අවබෝධයක් හා තාක්ෂණික දැනුමක්  ලබාදීමෙන් ඉදිරි අවදානමට සාර්ථකව මුහුණ දීමට හැකිවනු නොඅනුමානය.
  • මෙම ප්‍රශ්න වල අවධානම් බව සහ බලපෑම පිළිබඳව අප තරුණ පරපුර දැනුවත් වී නිවරදිව කටයුතු කළ හොත්  ඔවුන්ට යම්තාක් දුරට ලෝකයේ  මෙම ප්‍රශ්න වලින් මිදීමට හැකි වේ. එමනිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මුළු ලෝකවාසීන්ම  දැනුවත් කිරීම උදේසා අප විසින් සිදු කරනු ලබන ප්‍රයත්නයක කොටසක් වේ.

02). දැනට අප විසින් හදුනාගෙන ඇති ප්‍රශ්න

  • ලෝකයේ දැනට පවතින ප්‍රධාන අර්බුධ අතර බලශක්තිය ඉහත ගැටළු තුළ මෙය විස්තර කර ඇත.

02.1). ගෝලීය උනුසුම, මුහුදු ජලයේඋශ්ණත්වය වැඩිවීම හා ග්ලැසියර් දියවීම

ගෝලීය උශ්ණත්වය ඉහල යාම:

  • ගෝලීය උෂ්ණත්වය යනු විවිධ වායූන්, කාබන් මොනොක්සයිඩ් (CO), කාබන් ඩයොක්සයිඩ් (CO2), ඕසෝන් (O3), CFC (ක්ලෝරෝෆ්ලෝරොකාබන්), මීතේන් (CH4), ඩයසොටොක්සයිඩ් (N2O) යනාදියෙන් සමන්විත වායුගෝලයේ ජල වාෂ්ප සූර්ය කිරණවලින් පෘථිවියට ළඟා වන තාපය වායූන් රඳවා ගනී. එම වාසූන් හරිතාගාර වායු ලෙසද හදුන්වයි. මේ අනුව, පෘථිවිය සියළුම ජෛව විශේෂ සඳහා වාසයට සුදුසු උෂ්ණත්වයක පවතී. වායුගෝලයේ මෙම ලක්ෂණය හරිතාගාර ආචරණය ලෙස හැඳින්වේ. මෙය ගෝලීය උශ්ණත්වය ලෙස හැදින්විය හැක.
  • තාපය යනු අත්‍යාවශ්‍ය සාධකයකි. පෘථිවිය නිර්මාණයේදී ඒ හා සමගම තාප ගෝලයද නිර්මාණය වී ඇත. මින් පැහැදිලි වනුයේ ආරම්භයේ සිටම තාපය අත්‍යාවශ්‍ය වන බවය. එමෙන්ම අතීතයේ සිට ගෝලීය උෂ්ණත්වය පාලනය කරමින් තාපය යම් සීමාවක පවත්වා ගෙන යෑමට ස්වභාවිකම විවිධ ක්‍රියාවලින් නිර්මාණය වී ඇත.මුහුදේ දියවැල් මගින්, සුළග මගින්, වාතය මගින්, ඛණිජ තෙල් මගින් යන තාප පරිවාරක  මගින් උෂ්ණතව පාලනයක් සිදු වුනි. තවද අයිස් කදු දෙකක් අතරද තාප පරිවහනය සිදු වී ඇත.
  • එකල මෙලෙස ස්වභාවිකවම ගෝලීය උෂ්ණත්වය පාලනය වූ නමුත් මේ වන විට විවිධ වූ මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම පද්ධතිය අසමතුලිත වී ගෝලීය උෂ්ණත්වය වැඩි වී ඇත. මිනිසුන්ගේ එදිනේදා සිදු කරනු ලබන ක්‍රියාවන් වලදී අධික ලෙස CO2 පරිසරට මුදා හැරේ.නමුත් මෙම CO2 වලට සාපේක්ෂව CO2  අවශෝෂණය කිරීමට හැකි ශාක ප්‍රමාණය අඩු වේ. මේ නිසා වායු ගෝලයේ වැඩි වශයෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වී හරිතාගාර ආචරණය වැඩි වී ගෝලීය උෂ්ණත්වය ඉහල යයි.
  • කාර්මික හා තාක්‍ෂණික වර්ධනයන් නිසා, පොසිල ඉන්ධන අධික ලෙස පරිභෝජනය කිරීම, දැඩි ජනගහනය වැඩිවීම, ජීවන තත්වයන් සහ මානව ක්‍රියාකාරකම්, හරිතාගාර වායූන් අධික ලෙස ගොඩනැගීමට හේතු වී ඇත.
  • ලැව් ගින්න, කාන්තාරීකරණය, කාර්මීකරණය , ග්ලැසියර දියවීම, ජල අන්තර්ගතය වැඩි කිරීම, අධික වර්ෂාපතනය සහ අඛණ්ඩ ගංවතුර ඇතිවීම සහ පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ගෝලීය උණුසුම තිබිය යුතු මට්ටමට වඩා ඉහල යමින් පවතී . ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සිදුවන ස්වාභාවික විපත් දේශගුණික පද්ධතියේ වෙනස්වීමට හේතු වේ.
  • තාපය පරිසරයට නිකුත් වන විවිධ ක්‍රම ඇත. ඒ අතර තාක්ෂණික උපකරන විශේෂ වේ. නිදසුනක් ලෙස දැක්වුව හොත් අප කුඩා කාමරයක් තුල විදුලි ස්ත්‍රික්කයක් ක්‍රියාත්මක කිරීමේදි අපට උණුසුමක් දැනේ .
  • ඒ ලෙසම අප ලෝකයේ භාවිතා කරනු ලබන උපකරණ හා යන්ත්‍ර සූත්‍ර මගින් වැඩි ප්‍රමාණයක් තාපය නිකුත් කරනු ලබයි. දුරකතන, ශීතකරන, විදුලි පංකා, හීටර්, වාහන එන්ජින්, මෙලෙස තාපය නිකුත් කරනු ලබයි.මෙය සමස්ථයක් වශයෙන් ගත් කල වායු ගෝලීය උෂ්ණත්වය ඉහල යාමට බලපෑම් ඇති කරයි.
  • තවද නූතන තාක්ෂණය ගත් කල පරිසරයට නිකුත් කරන අපද්‍රවය්‍ය (ගල් අගුරු දුම) නිර්ණය කිරීමට කොපමණ තාක්ෂණික ක්‍රමෝපායන් තිබුනද කාර්මික කටයුතු වලදී, න්‍යෂ්ටික බලාගාර තුලදී, වාහන ආදියෙන් පිටකරනු ලබන තාපය නිර්ණය කිරීමට කිසිදු තාක්ෂණික ක්‍රමෝපායක් තව වනතුරු නොමැත.
  • මෙවන් වූ හේතු නිසා ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමටද මිනිසුන් අපොහොසත් වී ඇත. ගෝලීය උෂ්ණත්වය  ඉහළ ගොස් ජෛව පද්ධති විනාශ වීම, පාරිසරික සමතුලිතතාවය බිද වැටීම සිදු වී පාරිසරික ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වේ.

ග්ලැසියර් යනු:

  • ග්ලැසියර යනු කුමක්දැයි කෙටියෙන් හඳුන්වන්නේ නම්, විශාල භූමි ප්‍රදේශයක් වසා සිටින ඝනව ඇසුරූ අයිස් සහ හිම තට්ටු” ලෙස දැක්විය හැකි වේ.

ග්ලැසියර සෑදෙන අන්දම

  • ග්ලැසියරයක් සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ වටකුරු හෝ හාන්සි පුටුවක භූමි ආකෘතියකින් යුත් ප්‍රදේශ තුලයි. හිම පතිතවන එවැනි හැඩයන් සහිත භූමිවල හිම දියවෙන වේගයට වඩා වේගයෙන් හිම ගොඩ ගැසෙන කාලවලදී  ග්ලැසියර්  සෑදීම පටන් ගනී. හිම වැටීමෙන් මොහොතකට පසු සිටම කුට්ටි එක මත එක ගුරුත්වය යටතේ සම්පීඩනය වීම ඇරඹෙන අතර එය හිම ඝනත්වයෙන් වැඩිවීමටද, ඉතා තදින් ඇසිරීමට ද බලපායි. එම නිසා කාලයත් සමඟ සෙමෙන් සෙමෙන් එමින්තිබූ සිනිඳු ස්ඵටික බව , දැඩි රවුම් අයිස් පෙති දක්වා වෙනස් වේ. එම ආරම්භක අයිස් තට්ටු මතට එලෙසම තවත් හිම පතිත වී තවදුරටත් සම්පීඩනය වීමෙන් සහ ඒවායේ ඇති වාතය මිරිකී ඉවත්වීමෙන් ඝන අයිස් හෙවත් ග්ලැසියර් ඇතිවීම සිදුවේ. වසර ගණනාවක් ගතවීමේදී මෙම හිම ස්ථර මීටර් පනහට වඩා විශාල උසකින්, සහ ස්කන්ධවලින් යුත් ග්ලැසියර් කඳු බවට පරිවර්තනය වේ. ඒවායේ ස්කන්ධ කෙතරම්ද යන්න හොඳින්ම පැහිදිලි වන කරුණ වන්නේ උෂ්ණත්වය වැඩිවීමකින් තොරවම යට ඇති අයිස් දියවීමට තරම් පීඩනයක් යෙදීමයි. එම දියවන ජලයෙන් ග්ලැසියරයේ පතුල සුමට කරන අතර වටකුරු භූමිය පුරාම විහිදීයයි. එලෙස වටකුරු හෝ හාන්සි පුටු හැඩැති භූමිය පුරාම පිටාර ගලන තෙක් සිදුවේ. එවිට පතුලේ ඇතිවෙන අඩු ඝර්ෂණ බල නිසා ග්ලැසියර් කඳු ගුරුත්වජ ත්වරණය යටතේ ආනත, ප්‍රපාතාකාර බෑවුම් දිගේ චලනය වීමට පටන් ගනී. වසර ගණනාවක් තිස්සේම ඒවා මතට තවත් අයිස් එකතුවීමෙන් සහ අයිස් කුට්ටි වල වාතය ඉවත්වීමෙන්  තවදුරටත් ඝනත්වය අධික හිම කුට්ටි සහ ග්ලසියර් කඳු නිර්මාණය වේ.

  • මුහුද අභ්‍යන්තරයේ ගලා යන ගංගා පිළිබඳව ඔබ අසා ඇති, ඒ ගංගා පිහිටා ඇත්තේ  පෘථිවියේ අභ්‍යන්තර හා  මතුපිට උශ්ණත්ව පාළනය සඳහා වේ. උශ්ණත්වය අධික ප්‍රදේශ වල සිට උශ්ණත්වය අඩු ප්‍රදේශ දක්වා මේ ගංගා හරහා උෂ්ණත්වය සංසරණය කරණු ලබයි.
  • මෙමගින් ඇතිවන අඩුපීඩන තත්ව හේතුවෙන් වායුගෝලිය කැළඹීම් ඇති වේ. මෙම පද්ධතිය වෙත සිදු කර ඇති අනිසි බළපෑම් හේතුවෙන් (පෘථිවි අභ්‍යන්තර ගංගා වලට සිදුකරන විවිධ කටයුතු) විවිධ කාළගුණික විපර්යාස වලට මුහුණ දීමට සිදුවී ඇත. 

උදාහරණ:-

  • ගංවතුර
  • වායුගෝලයේ කැළඹීම්
  • නායයාම්

ග්ලැසියර් දියවීම හා එහි බලපෑම

  • අවුරුදු කීපයක ග්ලැසියර් දියවීම  සංසංදනය කරන වීඩියෝ පට  කීපයක්.

ග්ලැසියර් වල ප්‍රයෝජන

  • ග්ලැසියර මගින් සපයන වැදගත්ම සම්පත මිරිදිය වේ. බොහෝ ගංගා පෝෂණය වන්නේ ග්ලැසියරවල දියවන අයිස් මගිනි. හිමාල කඳුකරයේ විශාලතම ග්ලැසියරවලින් එකක් වන ගංගෝත්‍රි ග්ලැසියරය ගංගා ගඟේ මූලාශ්‍රය වේ. ගංගානම් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ මිරිදිය සහ විදුලිබලයේ වැදගත් ම මූලාශ්‍රය වේ. (විදුලිය නිර්මාණය වන්නේ වේලි සහ ජල විදුලි බලය මගිනි.)
  • ග්ලැසියර ජලය පිරිසිදු, නැවුම් රසයකින් යුක්ත වන අතර මේවා පානීය ජලය සඳහා භාවිතා කරයි. ජලය මෙතරම් කාලයක් ග්ලැසියරයේ සිරවී ඇති නිසා, බොහෝ අය විශ්වාස කරන්නේ දූෂක වලට නිරාවරණය වී නොමැති බවයි.

ග්ලැසියර් දියවීමට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වීමයි. මෙම මුහුදු ජලයේ උශ්ණත්වය වැඩි වීම සඳහා විවිධ හේතුබලපානූ ලබයි. ඒ සඳහා බලපාන ප්‍රධාන හේතූ සාධක පහත දක්වා ඇත.

1. ඕසෝන් ස්ථරය තුනී වීම  නිසා  ජල පෘෂ්ඨය වැඩිපුර UV කිරණට නිරාවරණ වීම නිසා ජලයේ උශ්ණත්වය ඉහල යයි. එය ග්ලැසියර් දියවිම සඳහා ප්‍රධාන වශයෙන් බලපෑම්  සිදු කරණු ලබයි. (මේ පිළිබඳව වැඩිපුර තොරතුරු අදාල කොටසේදි කතා කරණු ලැබේ.)

2. කර්මාන්ත ශාලා වලින් සහ විවිධ කාර්මික කටයුතු වලදී භාවිතා කරනු ලබන යන්ත්‍ර සිසිලන පද්ධති සඳහා මුහුදු ජලය යොදා ගනු ලබයි. මෙහිදි රත්වූ ජලය කර්මාන්ත ශාලා වලින් මුහුදට යොමු කරනු ලබයි, එමනිසා මුහුදු ජලයේ උශ්ණත්වය ඉහල යාම ග්ලැසියර් වලට බලපෑම් කරයි.

3. මුහුදාශිත කටයුතු කරන යන්ත්‍ර සූත්‍ර වලදී පද්ධති සිසිලනය  සඳහා මුහුදු ජලය යොදාගනු ලබයි.

4. Bit coin Mining center සහ Data center වලදී භාවිතා කෙරෙන පරිගණක මගින් අධික තාපයක් නිපදවන අතර සිසිලන පද්ධති සඳහා තෝරාගෙන ඇත්තේ  මුහුදු  අභ්‍යන්තරයේ සහ ග්ලැසියර් ආශ්‍රිත ප්‍රදේශයි.

5. අසීමාන්තික ලෙස ඛණිජ තෙල් නිස්සාරණය හේතුවෙන් පොළව අභ්‍යන්තර උශ්ණත්වය පෘථිවිය මතුපිටට පැමිණීමට පටන්ගෙන ඇත. මෙයද  ඍජුවම ග්ලැසියර් දියවීමට බලපානු ලබයි. වර්තමාන ලෝකයේ නිසි අවබෝධයක් නොමැති කම නිසා අසීමාන්තික ලෙස  තෙල් නිස්සාරණය කරයි. ස්වභාවික ලෙස තෙල් පිහිටා ඇත්තේ පද්ධති සිසිල් කිරීම උදේසා පරිවාරක  ද්‍රව්‍යයක් ලෙසයි. ( උශ්ණත්වය සන්නයනය සඳහා) නමුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා  මෙම පද්ධතිය අසමතුලිත වී ඇත.

  • උදාහරණයක් ලෙස එක් ස්ථානයක උශ්ණත්වය අධික නම් එය පොසිල තෙල් හරහා උශ්නත්වය අඩු ස්ථානයකට පරිවහනය වී උශ්ණත්ව සමතුලිතතාවයකට පත්වේ.

තාපය ඛණිජ තෙල් හරහා ගමන් කිරීම

උශ්ණත්වය වැඩි පරිසර පද්ධතියක්

 

අභ්‍යන්තර ඛණිජ තෙල් හරහා උශ්ණත්වය පරිවහණය

 

උශ්ණත්වය අඩු  පරිසර පද්ධතියක්

 

6. මුහුදු ජලයේ උශ්ණත්වය පාලනය කිරීම සඳහා ස්වාභාවික ලෙසම දිය වැල් පිහිටා ඇත, මේවාටද  මිනිසා විවිධ බලපෑම් කිරීමට මිනිසා පටන් ගෙන ඇත.

7. දැනට දියුනු රටවල භාවිතා කරනුයේ න්‍යෂ්ටික බලාගර තුල නිපදවන බලශක්තිය වන අතර, ලෝකයේ භාවිතා කරන න්‍යෂ්ටික විදුලි බලාගාර උශ්ණත්වය ඉහල යාමට හේතු වේ. මෙම න්‍යෂ්ටික බලාගාර ෆ්‍රී කාබන් ලෙස හදුන්වනු ලබයි. මෙය එසේ සදහන් කරනු ලබන්නෙ කිසිම දහන ද්‍රව්‍යක් පිට නොකරන නිසාවෙනි. නමුත් මෙමගින් අධිකව තාපය පිට වේ. මෙමගින් මුදාහරින වැඩි තාප ප්‍රමාණයක් ජලයට මුදා හරින අතර එවිට ජලයේ උෂ්ණතවයද ඉහළ යනු ලබයි.

ග්ලැසියර් දියවීමේ බලපෑම

  • මෙහි දැඩි ලෙස බලපෑම් ඇතිවන්නේ මුහුදු ජලයේ උශ්ණත්වය වැඩි වීමයි,
  • දැනට ලෝකයේ වැඩිම ඔක්සිජන් සැපයුම සිදු කරන්නේ මුහුදු පැළෑටි මගිනි මුහුදු ජලයේ උශ්ණත්වය වැඩි වීම ඍජුවම මුහුදු පැළෑටි වලට බලපාන බැවින් එය සමස්ථ ඔක්සිජන් සැපයුමට බළපායි.(අප ආශ්වාශ කරන ඔක්සිජන් ප්‍රතිශතයෙන් 80%ක ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ මුහුදු පැලෑටි මගිනි.)
  • තවද මෙය ජෛව ඝනත්වයට ඍජුවම බලපානු ලබයි, එමගින් ලෝක්යේ බොහෝ රටවල් මුහුදු ආහාර මත යැපෙන බැවින් ආහාර අර් බුද  තත්ව  පවා ඇති විය හැක.
  • පෘථිවිය ආරම්භයේදී පමණ ඇතිවූ ග්ලැසියර් තුල තවමත් සජිවීව ඉතා දරුණු වෛරස පවතින බව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති අතර ග්ලැසියර් දියවීම නිසා මේවා ලෝකයට නිරාවරණය වීමෙන් ඉතා භයානක තත්ව වලට මුහුණ දීමට සිදුවන බව විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.
  • ග්ලැසියර් වල අන්තර්ගතය වන්නේ පිරිසිදු පානීය ජලයයි. ග්ලැසියර් දියවීම නිසා මුහුදු ජලයේ ලවණ මට්ටම පහළ බැසීමේ අවධානමක් පවතින අතර එය ඍජුව ජීවීන්ට බලපෑම් සිදු කරයි.
  • මුහුදේ ජල මට්ටම ඉහල යාම නිසා මුහුදාශ්‍රිත නගර සහ ගොඩබිම් අඩුවීම සිදුවේ,තවද ජලයෙන් යට වීම නිසා ගොඩබිම් ප්‍රමාණයේද වෙනස් වීමක් දැකගත හැක.

මහාබාධක කොරල් පරය:

  • ඕස්ට්‍රේලියාවේ ඊශානදිග වෙරළේ පිහිටා ඇති මහාබාධක කොරල් පරය ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරයයි. මෙම කොරල්පරය තනි කොරල්පර 2900කින් සහ දූපත් 900කින් සමන්විතයි. ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 344,400ක් පුරා පැතිර ඇති මෙහි කුඩා කොරල් බහුපාදීන් බිලියන ගණනක් ජීවත් වෙති. මේ අපූරු ජෛව විවිධත්වය නිසාම මහා බාධක කොරල්පරය 1981දී ලෝක උරුමයක් ලෙසත් නම් කර ඇත. මෙය ජෛව ප්‍රදේශ 70කට බෙදා ඇති අතර එයින් 30ක් කොරල්පර සහිත ජෛව ප්‍රදේශ වන අතර මෙහි උතුරු කොටසේ ඇති ඩෙල්ටැයික් කොරල් සහ රිබන් කොරල් මහා බාධක කොරල්පරයේ වෙනත් කිසිදු ස්ථානයක දකින්නට නොලැබෙනු ඇත.
  • කොරල්පරයක විෂ්කම්භය සෙන්ටිමීටර එකකින් වර්ධනය වීමටත්, සිරස්ව සෙන්ටිමිටර 25ක් වර්ධනය වීමටත් වසරක් ගත වේ. මොවුන්ට මුහුදු පත්ලේ සිට මීටර 150ක උසක් දක්වා පමණක් වර්ධනය විය හැකි අතර වර්ධන ප්‍රමාණය එක් එක් ජීවී විශේෂයට අවශ්‍ය හිරු එළියේ ප්‍රමාණය මත තීරණය වනු ඇත. කිසිවිටෙක මේ ජීවී විශේෂවලට මුහුදු මට්ටම තෙක් වර්ධනය විය නොහැක.
  • එනම් වූ අති විශාල වටිනාකමකින් යුත් මෙම බාධක කොරල් පරය ගෝලීය උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් සාගර ජලයේ උණුසුමත් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමගම මෙම මහාබාධක කොරල් පරයේ කොටස් වල ජීව්‍යය වියැකෙන බවට පර්යේෂක කණ්ඩායමක් අනතුරු අගවා ඇත. මේ කී කාරනා අනුව කොරල්පරය සම්බන්දයෙන් එම පර්යේෂණ කණ්ඩායම සදහන් කරනුයේ මිහිතලය උණුසුම වැඩිවීමත් සමග එහි විශාල කලාපයක කොරල් ජීවින් මැරීයාමේ අනතුරකට මුහුණ දී ඇති බවය. කොරල්පර නිර්වර්ණ වීමට ප්‍රධානවම බලපාන්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමයි. වර්තමානයේදි කොරල් නිර්වර්ණ වීම නිසා මහා බාධක කොරල්පරයේ 93%ක්ම හානි වී ඇත. කොරල්පරවලට දීප්තිමත් වර්ණයන් ලබා දෙන, ඒ තුළම ජීවත් වන ඇල්ගී වර්ගය මේ අධික උෂ්ණත්වය නිසා විනාශ වී යෑම මීට ප්‍රධාන හේතුව වේ.මේ ඇල්ගී වර්ගය නොමැතිව කොරල් පාරදෘශ්‍ය ස්වභාවයට පත් වනවා සේම ඒවායේ සුදු පැහැති සැකිල්ලත් නිරාවරණය වනු ඇත.
  • මහා බාධක කොරල්පරයේ, වඳ වී යා හැකි යැයි නම් කළ ජීවින් පවා ජීවත් වෙති. සමහර ජීවීන් මෙම පද්ධතියටම පමණක් ආවේණික වන අතර ඩොල්ෆින්, තල්මසුන් සහ මුහුදු ඌරන් විශේෂ 30ක් පමණ මේ පරිසර පද්ධතියෙන් හඳුනාගෙන ඇත. මත්ස්‍ය විශේෂ 1500කට අධික සංඛ්‍යාවක්ද, මුහුදු සර්ප විශේෂ 17ක්ද මේ ආශ්‍රිතව ජීවත් වෙන අතර මුහුදු කැස්බෑවන් විශේෂ 6ක් අභිජනනය සඳහා මෙම මහා බාධක කොරල් පරයට පැමිණේ. සාගරයේ වෙසෙන කිඹුලන් මෙම කොරල්පරය ආශ්‍රිත ව පිහිටි කඩොලාන සහ ලුණු ගොහොරු අසළ ජීවත් වන අතර මොලුස්කාවන් විශේෂ 5000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇත.
  • වෙරළබඩ පක්ෂි විශේෂ 215ක් මහා බාධක කොරල්පරය ආශ්‍රිත පෙදෙසට පැමිණෙන අතර දැනට ශාක විශේෂ 2195ක් වාර්තා වී තිබේ. මුහුදු ඇල්ගී විශේෂ 500ක්ද මීට ඇතුළත් වේ.එපමණක් නොව ශ්වසනය සදහා අවශ්‍ය ඔක්සිජන් වැඩි වශයෙන් සපයනු ලැබුවේද මෙම මහා බාධක කොරල් පරය මගිනි.මේ වන විට කොරල් පරය විනාශ වීමත් සමගම එම ක්‍රියාවලියද අඩපන වී ඇත.
  • මෙවන් වූ ජීවත්වයක් හිමි ලොව විශාලතම මහා බාධක කොරල් පරය ක්‍රමක් ක්‍රමයෙන් විනාශ වීම කනගාටුවට කරුනකි. මිනිස් ක්‍රියාකාරකම් වල අතුරු ප්‍රතිපලයන් නිසා සිදු වන මෙම හානි අවම කරගැනීමද මිනිසුන් සතු වගකීමකි.
  • තවද සැලකිය යුතු ඔක්සිජන් ප්‍රමාණයක් මෙම කොරල් පරයෙහි පිහිටි මුහුදු ශාක මගින් දායද කරන අතර මෙය අහිමිවයාම ලෝකයාට මහත් ගැටළු රාශියකට මුහුණදීමට සිදුවේ.

ගෝලීය උණුසුම සඳහා විසඳුම්:

1. ජන ගහන ව්‍යාප්තිය නිසාම බල ශක්ති සදහා ඇති ඉල්ලුම මෙන්ම පරිභෝජනයද වැඩි වී ඇත. මෙය අත්‍යාවශ්‍ය සාධකයක් නිසාම වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වීමේ තත්වයන් සීමා කිරීම සදහා ගල් අගුරු ආදි බලශක්ති ක්‍රම වෙනුවට විකල්ප බලශක්ති ක්‍රම යොදාගත හැකිය.

  1. පුනර්ජනනීය නොවන බල ශක්ති ක්‍රම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ක්‍රම භාවිතය ලාභදායි මෙන්ම පරිසරයටත් වාසි දායක වේ.

  උදාහරණ:-

  • පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස සූර්ය කෝෂ/පැනල, සුළං බලය ආදිය සැලකිය හැකිය.

3. පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම, සාමාන්‍යයෙන්  පොසිල ඉන්ධන අප එදිනෙදා ජීවිතයේදී භාවිතයට ගැනෙනුයේ.

  • ප්‍රාවාහණ  කටයුතු සඳහා
  • බලශක්ති උත්පාදනයට

       වැනි විවිධ කටයුතු සඳහා අප පොසිල ඉන්ධන භාවිතා කරන අතර අපට මෙම අවශ්‍යතා සඳහා විකල්ප බලශක්ති ප්‍රබව සඳහායොමුවිය යුතුය.

4. සූර්ය බල ශක්තිය එක් විකල්ප බලශක්ති උත්පාදන ක‍්‍රමයකි. ලංකාව සමකය ආසන්නයේ පිහිටි රටක් බැවින් වැඩි කාලයක් සූර්ය තාපය පවතින වියලි කාලගුණයක් ඇති ලංකාව වැනි රටකට සූර්ය තාපයෙන් උපරිම ප‍්‍රයෝජනයක් ගත හැකිය. සූර්ය තාපයෙන් විදුලිය උත්පාදනය කරන විදුලි උත්පාදන ක‍්‍රමයක් වූ සූර්ය බල ශක්ති තාක්‍ෂණය ශ්‍රී ලංකාව වැනි රටකට වඩා යෝග්‍ය විකල්ප බලශක්ති ක‍්‍රමයක් වෙයි. (iQ¾h)

02.2). අධික වායු දූෂණය

වායුගෝලීය දූශණය :

  • පෘථිවි වායුගෝලය යනු පොළොව වටා ඇති වායු තට්ටුවයි. එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය ආසන්නයේ රැඳී තිබේ. එහි 78.08% නයිට්‍රජන්ද, 20.95% ඔක්සිජන් ද, 0.93% ආගන් ද, 0.038% කාබන්ඩයොක්සයිඩ්ද,අනෙක් වායූන් අංශු මාත්‍ර වශයෙන්ද, වෙනස් වන ප්‍රමාණයකින් (1% පමණ) ජල වාෂ්ප ද අඩංගු වේ. මේ වායු මිශ්‍රණයට වාතය යැයි කියනු ලැබේ.
  • විවිධ බලපෑම් හේතුවෙන් වායුගෝලීය වායු ප්‍රතිශතය වෙනස්වීම වායු දූශණය ලෙස සරලව අර්ථ දැක්විය හැක

  • මිනිසාගේ ජීවයට අත්‍යවශ්‍ය ඔක්සිජන් 20% ක ප්‍රමාණයක් වායුගෝලයේ තිබුණද, මෙම වායු ප්‍රතිශතය  මෙය රටින් රටට වෙනස් වේ

  මෙයට හේතු ලෙස,

  • තාක්ෂණික දියුණුව
  • කාර් මික  විප්ලවය
  • ජනගහන සීග්‍රයෙන් ඉහළ යාම
  • කාර්මීකරණය

  වැනි හේතූන් පෙන්වා දිය හැකිය.

  • අතීතයේදී CO2 (කාබන්ඩයොක්සයිඩ්) නිපදවීම ස්වභාවික ලෙස සිදුවිනි, (ගිනි කඳු, ලැව්ගිනි) අනතුරුව එම කාබන් දහනයෙන් නිපදවන CO2 (කාබන්ඩයොක්සයිඩ්) වායුව මගින් ශාක විසින් O2 (ඔක්සිජන්) නිපදවීම සිදු කරනු ලැබීය,නමුත් අද වන විට මිනිසා විසින් මෙම ස්වභාවික ක්‍රියාවලියට  බාධා කර ඇත. ගල් අඟුරු දහනය ,පොසිල ඉන්ධන දහනය, වාහන එන්ජින් වලින් අධික ලෙස ලෙස CO2  (කාබන්ඩයොක්සයිඩ්) පිටකර  ඔක්සිජන් අවශෝෂණය කරණු ලබයි. මෙම හේතුව නිසා වායූ ගෝලීය CO2 (කාබන්ඩයොක්සයිඩ්) ප්‍රතිශතය ඉහළ යයි. O2 (ඔක්සිජන්) ප්‍රතිශතය පහළ යයි.
  • O2 (ඔක්සිජන්) කාර්මිකව නිශ්පාදනය කිරීමක් සිදු කළ නොහැකි අතර කළ හැක්කෙ, ගබඩා කිරීමක් පමණි. ඒ සඳහාද අධික පිරිවැයක් දැරීමට සිදුවේ. ඔක්සිජන් ප්‍රධාන වශයෙන් නිපදවෙන්නේ මුහුදු පැළෑටි සහ වනාන්තර මගිනි. මෙම කොරෝනා වෛරසයේ බලපෑමත් සමග අපට වාතය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම පසක්වී ඇත.

වායූ දූශණය සිදුවන ප්‍රධාන ආකාර:

  1. ඉන්ධන දහනයේදී පිටකරන වායූන් මගින්.
  2. කැලි කසල බැහැර කිරීමේදී පිටවන මීතේන් වායුව මගින්.
  • කැළි කසල බැහැර කිරීමේදී බොහෝ විට සිදු කරනුයේ වළදැමීම හෝ මුඩු බිම් පිරවීමයි. මෙහිදී කාලයත් සමජ මෙම කසල ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ කර මීතේන් වායූව නිදහස් කරයි. එම වායුව වායුගෝලයට මිශ්‍ර වීමෙන් වායු ගෝලය දූශණය වේ.
  1. අප භාවිතා කරණ සුවඳ විළවුන් වර් ග වාතයට මිශ්‍ර වීම.
  2. සිසිලන පද්ධති සඳහා භාවිතා කරනු ලබන ගෑස් වර් ග(CFC) මගින්.
  3. කැලි කසල පිලිස්සේමේදී. වර්තමානයේදී ආරෝපණය කළ හැකි බැටරි භාවිතය ඉහළ යමින් පවතින අතර මෙම බැටරි ආරෝපණයේදී වායුවක් පරිසරය වෙත නිදහස්   කිරීමක් සිදුවේ, බැටරි භාවිතය ඉහල යාමත් සමඟ වායුගෝලයට මෙම වායු මිශ්‍ර වීමේ ප්‍රතිශතය ඉහල යනු ලැබේ. මෙය නොදුරු අනාගතයේදී ඉමහත් ගැටලුවක් වනු නොඅනුමාන,
    • සූර්‍ය තාපක
    • මෝටර් රථ බැටරි
    • ටෙස්ලා වෝල් බැටරි
    • අභ්‍යවකාශ යානා සහ චන්ද්‍රිකා ගුවන් ගත කිරීමේදී පිටවන ඉන්ධන මිශ්‍ර දුම වායු ගෝලයට එකතුවීම.
    • සිමෙන්ති නිශ්පාදනයේදී කැල්සියම් කාබනේට් වියෝජනය වීමෙන් කැල්සියම් ඔක්සයිඩ් හා කාබන්ඩයොක්සයිඩ් වායුව සෑදීම සෑදේ.
    • CaCO3(S)———-> CaO(s) + CO2(g)
    • සෑදෙන කැල්සියම් ඔක්සයිඩ් මැටිවල තිබෙන සිලිකා සමග ප්‍රතික්‍රියා කර ඉතාමත් දැඩි ද්‍රව්‍යයක් වන කැල්සියම් සිලිකේට් සෑදීම සිදුවේ. එමෙන්ම මැටිවල තිබෙන ඇලුමිනියම් ඔක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර කැල්සියම් ඇලුමිනේට් සෑදේ.
    • CaO + SiO2———–> CaSiO3
    • 3CaO + Al2O3———-> Ca3(AlO3)2
    • මෙහිදී අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට මිශ්‍ර වීම සිදු වේ.

පෘථිවි ආරක්ෂක ඕසෝන් වියන හායනය ගැන දැනුවත් වෙමු

සෝන් ස්ථර යනු,

  • ඕසෝන් ස්ථරය, ස්ථර ගෝලය තුල වියනක් ලෙස ක්‍රියා කරමින් සුර්යයාගේ සිට පැමිණෙන  අහිතකර පාරජම්බුල කිරණ අවශෝෂණය කර පෘතුවිය මත ජිවය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරයි.
  • ඕසෝන් ස්තරය පෘථිවි වායුගෝලයේ ඕසෝන් (O3) සාන්ද්‍රණය සාපේක්ෂ වශයෙන් ඉතා අධික කලාපයකි.සාමාන්‍ය ඔක්සිජන් ප්‍රමාණයට වඩා මෙම ඕසෝන් සාන්ද්‍රණය මිලියනයකට කොටස් දහයකට වඩා අඩු වන ඉතා ස්වල්ප ප්‍රමාණයක් වේ. පෘථිවි වායුගෝලයේ සාමාන්‍ය ඕසෝන් සාන්ද්‍රණය මිලියනයකට කොටස් දශම 6 ක් පමණ වෙයි. මෙම ඕසෝන් ස්තරය අසන්න වශයෙන් පෘථිවියේ වායුගෝලයේ පහල ස්ථරයේ එනම් ස්ථර ගොලයෙහි පෘථිවියේ සිට 20-30Km අතර උසකින් පිහිට ඇත. මෙහි ඝනකම කාලයෙන් කාලයට සහ භූ ප්‍රදේශය අනුව වෙනස් වේ.ඕසෝන් ස්තරය 1913දී ප්‍රංශ ජාතික විද්‍යාත්ඥයකු වන චාල්ස් ෆැබ්‍රි සහ හෙන්රි බුයිසන් විසින් සොයා ගන්නා ලදී.

හරිතාගාර ආචරණ,

  • හරිතාගාරයක සමානවම ක්‍රියාවලියක් පෘථිවියේ ක්‍රියාත්මක වීම නිසා එහි උෂ්ණත්වය ඉහළ යාම සිදුවන බැවින් හරිතාගාර ආචරණය ලෙස පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑම හදුන්වනු ලැබේ. හරිතාගාර ආචරණය ප්‍රධාන ආකාර 2ක් යටතේ විස්තර කල හැකිය.
  1. ස්වභාවික හරිතාගාර ආචරණය
  2. ඉවැඩි හරිතාගාර ආචරණය

01.ස්වභාවික හරිතාගාර ආචරණය

  • සූර්යයා ශක්තියෙන් වැඩි වස්තුවක් වන අතර පෘථිවිය අඩු ශක්තියකින් යුක්ත වේ. මේ නිසා සැම විටම ශක්තියෙන් වැඩි සූර්යයාගේ සිට ශක්තියෙන් අඩු පෘථිවිය වෙත කිරන නිකුත් කරනු ලබයි.
  • සූර්යාගෙන් ශක්තියෙන් වැඩි තරංග කෙටි තරංග ආයාමයකින් යුක්තව පෘථිවියට පතනය වන අතර ඉන් බොහෝමයක් අහිතකර කිරන වර්ග ඕසෝන් ස්තරය මගින් නැවත් පරාවර්තනය කරනු ලැබේ. නමුත් උෂ්ණත්වය වැඩි දිගු තරංග ආයාමයකින් යුත් කිරණ ඕසෝන් ස්තරය හරහා පැමිණ එහි අඩංගු ශක්තිය පෘථිවි වායුගෝලයේ ඇති හරිතාගාර වායුන් හා වෙනත් වස්තූන් මගින් අවශෝෂණය කර ගනී.
  • මෙලෙස එම තාපය උරා ගත හැකි වායු හරිතාගාර වායු ලෙසට හදුන්වනු ලබයි. සූර්‍යාගෙන් පැමිණෙන අධි  ශක්ති කිරණ වල අඩංගු ශක්තිය අවශෝෂණය කර ගත් පසු ශක්තියෙන් අඩු දිගු තරංග ආයමයක් සහිත කිරණ පරාවර්තනය වේ. නමුත් එම කිරණ බොහොමයකට ඕසෝන් ස්තරය හරහා ගමන් කල නොහැකි වේ. එවිට එම කිරණ පෘථිවි වායුගෝලය තුල සංසරණය වෙමින් පවතී. මෙම හේතුව නිසා පෘථිවියේ උෂ්ණත්වය 33C කින් පමණ ඉහළ අගයකට ගෙන ඒමට හැකි වී ඇත. හරිතාගාර ආචරණයk සිදු නොවුනි නම් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය -19C වනු ඇත. එනම් පෘථිවියේ ජීවයක් පැවතිය නොහැකි මට්ටමකි. මේ අනුව පෘථිවියේ උෂ්ණත්වය 14C ක මට්ටමේ පවත්වා ගැනීමට ස්වභාවික හරිතාගාර ආචාරණය උපකාරී වී ඇත.

02. වැඩි හරිතාගාර ආචරණය

  • මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ස්වාභාවික පරිසරයේ ඇති හරිතාගාර වායු සාන්ද්‍රණය අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාම නිසා, සූර්‍ය‍ කිරණ වල ඇති තාප ශක්තිය වැඩි ප්‍රමාණයක් එම වායුන් මගින් උරා ගැනීම නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම ඉවැඩි හරිතාගාර ආචරණය ලෙස හදුන්වනු ලැබේ. මේ නිසා ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය(ගෝලීය උෂ්ණත්වය ) ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

2. දැනට අප විසින් හදුනාගෙන ඇති ප්‍රශ්න

3. ලෝකයේ දැනට ඇති වී ඇති මෙම ප්‍රශ්න සදහා අප විසින් ඉදිරිපත් කරනු ලබන විසදුම්