03). ලෝකයේ දැනට ඇති වී ඇති මෙම ප්‍රශ්න සදහා
අප විසින් ඉදිරිපත් කරනු ලබන විසදුම්

  1. අධිකව ඉහළ යන ජන ගහන ව්‍යාප්තිය නිසාම විදුලි පරිභෝජනයද තව තවත් වැඩි වේ. මේ හේතුව නිසා ඉල්ලීමට සරිලන පරිදි විදුලිය ලබා දීමta වැඩි වැඩියෙන් බලාගාර ඉදිකිරීමට සිදුව ඇත. ගල් අගුරු බලාගාර, ඛණිජ තෙල් බලාගාර වලට මිනිසුන් වැඩි කැමැත්තක් නොදක්වන අතර ඔවුන් වැඩි වශයෙන් නිර්දේශ කරනුයේ න්‍යෂ්ටික බලාගාර වේ. ලෝකෙයේ දියුණු රට වල අඩු මුදලකට විදුලිය ලබා ගැනීම සදහා විශේෂයෙන් මෙම න්‍යෂ්ටික බලාගාර සදහා යොමු වී ඇත. මෙමගින් මුලු පෘථිවියේම ජලයේ උෂ්ණත්වය ඉහළ යන අතර එයින් පෘථිවියේ උෂ්ණත්වයද ඉහල යනු ලබයි. අපගේ ප්‍රධාන අරමුණ විදුලි පරිභෝජනය අඩු කිරීම වුවත් එය සිදු කිරීමට පහසු කාර්යක් නොවේ.
  •   ජන ගහනය වැඩි වීම හේතුවෙන් විදුලිය පරිභෝජනය කිසිසේත්ම අඩුකල නොහැකිය. එම නිසා මෙයට විසදුමක් වශයෙන් අපට විකල්ප බලශක්ති ක්‍රම භාවිතා කිරීමට හැකිය. සුළං විදුලි බලාගාර, ජල විදුලි බලාගාර, සූර්ය  පැනල වැනි පුනර්ජනනීය බල ශක්ති මගින් විදුලිය ලබා ගැනීමට වැඩි නැඹුරුතාවක් දැක්විය යුතුය. දැනට ලෝකයේ භාවිතා කරන එමෙන්ම තාමත් පරීක්ෂන මට්ටමේ ඇති ක්‍රමයක් ලෙස මුහුදු රළ මගින් විදුලි උත්පාදනය ගත හැකිය. දිය වැල් වලට බාධා කරමින් ඩයිනමෝ භාවිතා කර සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය වැඩිදුර භාවිතා කිරීම හොද ප්‍රවණතාවයක් නොවන බව අපගේ මතයයි. නමුත් ගෝලීය උණුසුම පාලනය කිරීම සදහා මෙම අවස්තාවේදී එය සුදුසු බව පිළිගත හැකිය.
  • විදුලි උත්පාදනය සදහා කුඩා ජල විදුලි බලාගාර සකස් කල හැකිය. අප විසින් දැනට ප්‍රති ගුරුත්වාකර්ෂණය භාවිතා කරමින් විදුලිය ජනනය කිරීමේ ක්‍රියාවලියක් ලෝකයට හඳුන්වාදීමට බලාපොරොත්තු වන අතර, මෙම විදුලි උත්පාදනයේදී සූර්ය තාපය මගින් පෘථිවි උෂ්ණත්වය අඩු කිරීමට ප්‍රධාන වශයෙන් අප කල යුත්තේ පෘථිවියට වැටෙන සූර්ය තාපය පෘථිවියට උරා ගැනීමට නොදී අප භාවිතයට ගැනීමයි. එමගින් සූර්යතාපය විදුලිය බවට පරිවර්තනය කරන නව  ක්‍රමයක් wedayal අප හදුන්වා දීමට නියමිතයි.

  • සුළං බලය ගත් කල මෙය එක දිගට විදුලිය උත්පාදනය සදහා භාවිතා කල හැකි ක්‍රමයක් නොවේ. සුළග යනු නිතර ඉහල පහල යන ශක්තියකින් යුත් පුනර්ජනනීය බලශක්තියකි තවද සූර්‍ය පැනලද ද ස්ථීරනොමැති ඉහල පහල යන ශක්තියකින් යුත් බලශක්ති ප්‍රභවයකි. නිතරම සූර්යාලෝකය නොමැති වීම වලාකුළු වලින් සූර්යා ආවරණය වීම කාළගුණය යනාදිය මෙයට හේතු වේ.මේ හේතූන් නිසා මිනිස්සු මින් ඔබ්බට  විවිධ විකල්ප භාවිතා කිරීමට නැඹුරු වේ. නමුත් අප විසින් සකස් කරන ලද ප්‍රති ගුරුත්වාකර්ෂණ බලයෙන් භාවිතා කරනු ලබන විදුලි උත්පාදන ජනන ක්‍රමය මෙයට කදිම විසදුමකි. මෙම තාක්ෂණය තවමත් පරීක්ෂන මට්ටමේ පවතින නිසා මෙහි වැඩිදුර තොරතුරු පසුව ලබා දෙන්නෙමු.

  1. බලශක්ති ඉල්ලුමට විසදුමක් ලෙස තම තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සදහා එකිනෙකාගෙ විදුලි පරිභෝජනය අනුව තමන් විසින්ම තමන්ට අවශ්‍ය විදුලි ප්‍රමාණය උත්පාදනය කර ගැනීමේ ක්‍රියාවලියක් අප සකස් කරනු ලබන අතර. ඒ සදහා විදුලි ජනන බයිසකලයද උදාහරණයකි.
  • විදුලිය යනු බලශක්ති පරාවර්තනයකි. උදාහරණයක් ලෙස ගතහොත් සූර්ය ශක්තිය පරාවර්තනය වී විදුලිය ලැබේ තවද සුළගෙහි ඇති චාලක ශක්තිය පරාවර්තනය වී විදුලිය නිපද වේ. ගල් අගුරු දහනයෙන් පිට වන තාප ශක්තිය පරාවර්තනය වී විදුලිය නිශ්පාදනය වේ. මෙම ක්‍රියාවලින් හා සමානව මිනිස් ශක්තිය යොදාගෙන එනම් එදිනෙදා මිනිසුන් වැය කරන ශක්තිය යොදාගෙන විදුලිය නිපදවීමේ ක්‍රියවලියක් ලෙස ඉහත සදහන් කල උපකරණය පෙන්වා දිය හැකිය.

Request video

  1. දැනට ලෝකයේ අධික ලෙස විදුලිය පරිභෝජනය කරන උපකරණ ලෙස වායුසමීකරණ යන්ත්‍ර, වියලන යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර වෙනුවට විදුලි පරිභෝජනය අවම කරන නව නිර්මාණ ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙන අතර. එමගින් විදුලිය පිරිමැසීමක් සිදු වේ.

ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මෙම යන්ත්‍ර මගින් විදුලි පරිභෝජනය 50%ක් අඩු කර ගත හැක. එමෙන්ම  පරිසරයට මුදා හැරෙන තාපයද 80%ක් පමණ අඩු කර ගත හැකිය.

Request video

  1. කර්මාන්ත සදහා යොදා ගන්නා විදුලිය අඩු කර ගැනීමට විවිධ ක්‍රම සලකා බැලිය හැක.ඒවා නම් කර්මාන්ත වල නිශ්පාදනය කරනු ලබන තනි තනි උපකරණ බහු කාර්‍ය උපකරණ ලෙස නිර්මාණය කල හැකිය. මෙහි දී සිදු කරනුයේ එක උපකරණයකින් බහු ක්‍රියාවලි සිදු කිරීමට හැකි වන ලෙස උපකරණ ප්‍රතිනිර්මාණය කිරීමයි. එවිට ඒ ඒ උපකරණ වෙන වෙනම සකස් කිරීමේදි ඒ සදහා වැය වන විදුලිය සහ පිරිවැය වැඩිය. උදාහරනයක් ලෙස ගතහොත් ඉදල සහ කොස්ස තනි උපකරණයක් ලෙස නිර්මාණය කිරීම කළ හැකිය.මෙමගින් විදුලිය මෙන්ම පිරිවැයද අවම කරගත හැකි සාර්ථක ක්‍රමයක් වන බව නොඅනුමානය. මෙවැනි බහුකාර්‍ය උපකරණ අප විසින් ඉදිරියේදි හඳුන්වාදෙනුලැබේ.
  2. කඩදාසි අවභාවිතය හා නාස්තිය වැලැක්වීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හදුන්වාදෙනු ලැබේ, ලෝකයේ වැඩි ප්‍රමාණයක් කඩදාසි භාවිතා කරන අතර කඩාදාසි වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රිකරණය නොවන අතර ඒවා විනාශ වී යයි. නමුත් එය එසේ සිදු නොකර කළමනාකරණයකින් යුතුව කඩදාසි ප්‍රතිචක්‍රීකරණය සිදු කිරීමට අප උත්සාහ කරයි. මේ හේතුවෙන් විශාල ලෙස ශාක ආරක්ෂා කරගත හැකිය. මුද්‍රණ යන්ත්‍ර මගින් අත්වැරදීම් සිදුවූ මුද්‍රණය කර ඉවත් කරනු ලබන කරනු ලබන කඩදාසි යම් හෙයකින් වැරදුනු පසුව එය ඉවතලයි.නමුත් එය නැවතත් හිස් කොලයක් ලෙස ලබා ගැනීමට හැකි යන්ත්‍රයන්ද හදුන්වා දීමටයි.
  3. ප්ලාස්ටික් පොලිතීන් ප්‍රතිශක්තිකරණයට වඩා අලුතින් නිපදවීම ලාබදායි බැවින් මිනිසුන් භාවිතයෙන් ඉවත් කරනු ලබන පොලිතීන් හා ප්ලාස්ටික් පරිසරයට බැහැර කරයි. ඒවා කලමණාකරනයට වඩා නැවත නිපදවීම පහසු සහ ලාබදායිවේ.. එම නිසා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය නොකර අලුතෙන් නිපදවීමට යොමු වන්නේ මේ සදහා වෙළදපොලෙහි වටිනාකමක් නොමැති නිසාය.
  • භාවිතයෙන් පසු ප්ලාස්ටික් ඉවත දමනවා මිස එකතු කිරීමක් නොවේ. නමුත් මේ සදහා වෙළදපොල වටිනාකමක් ලබා දීමෙන් මිනිසුන් ප්ලාස්ටික් එකතු කිරීම සදහා යොමු වේ. අප විසින් මෙය හදුනාගෙන මේ සදහා වෙළදපල වටිනාකමක් සකස් කිරීමට කටයුතු  කර ඇත. ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය එක් එක් වර්ග වලින් තිබේ (LD, LDP,LLP). මෙම වර්ග සියල්ල එකට එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් ඉහත සදහන් කලාවූ වර්ග වලට වෙන් කිරීමට නොහැකි වේ.
  • එම හේතුව නිසා අප නව තාක්ෂණය උපයෝගී කරගෙන ප්ලාස්ටික් ගොඩනැගිලි නිශ්පාදන අමුද්‍රව්‍ය සකස් කිරීම සිදු කරනු ලබයි . මෙමගින් සිමෙන්ති භාවිතය 60%ක් අඩු වෙනවා සේම. මේ සදහා අමුද්‍රව්‍ය ලෙස ප්ලාස්ටික්, ගල් අගුරු වලින් ඉවත් වන අලු (FLY ASH)  හා පස් ආදිය භාවිතා කරයි. මෙමගින් වියදම 50%ක් පමණ අඩුකර ගත හැකිය. අර්ධ ස්වයංක්‍රීය ක්‍රම යටතේ නිවාස සකස් කිරීම නිසා සිමෙන්ති භාවිතය මෙමගින් අඩු කර ගත හැකිය. සිමෙන්ති නිශ්පාදනයේදී CO2 පිටවීම අධික ලෙස සිදු වේ. මෙම ගොඩනැගිලි නිශ්පාදන අමුද්‍රව්‍ය ක්‍රමය මගින් එය අවම කර ගත හැකි වේ.
  • ගෝලීය උණුසුම අඩු කිරීමේදී කාබනික නිර්මාණය වන දෑ අවම කර ගත යුතුය. නිවාස සෑදීම වැඩි වනවා සමගම, ඉදිරියේදී ලෝකයට ඇති වෙන අමුද්‍රව්‍ය ප්‍රශ්න සදහා අමුද්‍රව්‍ය වැඩි වශයෙන් නිශ්පාදනය කිරීමට සිදු වේ. නමුත් මෙම ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර නිවාස ඉදිකිරීම මගින් මේ තත්වයන් පාලනය කල හැකිය. ප්ලාස්ටික් හේතුවෙන් නිවස තුලට තාපය ගමන් කිරීම අඩු වන හෙයින් තාපය අඩු කර ගැනීම සදහා සිසිලන යන්ත්‍ර අවශ්‍ය නොවේ.

  1. වාහන නිශ්පාදන කර්මාන්තයේදී ඛණිජ තෙල් දහන එන්ජින් නව ආරකට තාපය නිකුත් වන ප්‍රමාණය අඩුකර ප්‍රති එන්ජින් නිර්මාණය කර ඉදිරිපත් කරනු ලබන අතර, එයින් පරිසරයට තාපය මෙන්ම CO2 මුදා හැරීමද අවම කර ගත හැකිය.
  2. අධික ලෙස ජන ගහන ව්‍යාප්තිය නිසා මිනිසුන් වනාන්තර එළිපෙහෙළි කර නිවාස ඉදිකිරිම,කෘෂිකර්මාන්තයේ නියලීමට ඉඩහසර සකස් කර ගැනීම සිදු කරයි. අප මෙතනදී ඒ සදහා පිළියමක් හදුන්වා දෙනු ලබති. එනම් වනාන්තරයක ජීවිත් වන්නේ කෙසේද යන්නයි. මෙමගින් හොද වාතාශ්‍රයක්, කෘෂිකාර්මික කටයුතුද සිදු කර ගත හැකි පරිසරයක්, නැවුම් ආහාර ලබා ගැනීම ආදී යහපත් ප්‍රතිඵල සමග අප මෙම ක්‍රමය හදුන්වාදීමට බලාපොරොත්තු වෙමු.
  3. ජලය අලුත් ආරකින් කළමනාකරණය කිරීමේදී, පෙර කාලයේ මෙන් වැව් අමුණු සකස් කිරීමට නොහැකිය මන්ද යත් එයට ඉඩ පහසුකම් නොමැති නිසාවෙනි. වැසි ජලය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් ගංවතුර ගැලීම් වැනි තත්වද ඇති වේ. නමුත් මෙම තත්වයන් පාලනය සදහා යහපත් ක්‍රියාවක් ලෙස ජපානයේ හදුන්වා දී තිබෙන පොළව යට සකස් කර ඇති විශාල ටැංකි ගත හැකිය. මේ හා සමාන තාක්ෂණික ක්‍රියාවලියක් අපද නිපද වීමට ක්‍රියා කරති.
  4. වගා කටයුතු සිදු කිරීම සදහා ගැටලුවක් වන සීමිත ඉඩකඩක් හිමි වීමට කදිම විසදුමක් ලෙස තිරස් අතට වැවීම් සිදු කරන්නේ කෙසේද යන්න අප හදුන්වා දීමට සූදානම්ය.
  5. තවද නවීන ජීව වායු ඒකකයක් ඔබට හදුන්වාදීමට බලාපොරොත්තු වන්නෙමු.