අපි විසින් සදාහරිත වන නිර්මාණ මොඩුයුලයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙමු.

අධික ලෙස  ජන ගහණය ව්‍යාප්තවීම  නිසා මිනිසුන් වනාන්තර එළිපෙහෙලි කර  නිවාස ඉදිකිරිම,කෘෂිකර්මාන්තයේ නියළීම  සිදු කරයි.අප මෙතනදී ඒ සඳහා පිළියමක් හදුන්වාදෙන්නෙමු . එනම් වනාන්තරයක සහයෝගීතාව පවත්වාගනිමින් ජීවත් වන්නේ කෙසේද යන්නයි.මෙමගින් හොඳ වාතාශ්‍රය, පරිසරයද ආරක්ෂාකර කෘෂිකාර්මික කටයුතු වල නියලෙන්නේ කෙසේද යන්න හා නැවුම් ආහාර ලබා ගැනීම අරමුණ වේ .ඒ සඳහා අපි ලෝකයට මොඩුයුලයක් හඳුන්වා දෙන්නෙමු.

මිනිසාගේ මූලික ප්‍රධානතම අවශ්‍යතාවක් වන්නේ ඔක්සිජන්ය. අනෙක් අවශ්‍යතා කොතරම් තිබුනද   අපට ඔක්සිජන් නොමැතිව ජීවත් වීමට හැක්කේ සුළු කාලයක් පමණකි. නමුත් වර්තමානය වන විට තාක්ෂණික දියුණුව සහ ජන ගහනය වර්ධනයත් සමග ස්වභාවික ඔක්සිජන් සැපයුමට බාධා පැනනැගී ඇත. වර්තමාන ලෝකයේ අද වන විට ඔක්සිජන් මිලදී ගන්නා රටවල්ද දක්නට ලැබේ. ස්වභාවික ලෙස නොමිලයේ අපට ලැබෙන ඔක්සිජන් අප මුදල් වලට ලබා ගැනීමට තරම් සිදුවී ඇත්තේ මන්දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න. ස්වභාවික ලෙස ඔක්සිජන් නිපදවා දෙන ප්‍රභවයක් අප අතරම තිබියදී අප මුදල් වලට ඔක්සිජන් ලබා ගත යුතුද ?

 

මූලික ලෙස ඔක්සිජන් නිපදවනු ලබන්නේ ශාක වලිනි. නමුත් ශාක මගින් ඔක්සිජන් නිපදවනු ලබන බව අසා තිබුණත් කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේද? පරිසරයට එමගින් වන දායකත්වය පිළිබඳව ඔබ සිතා තිබේද?

ශාකයක් ඔක්සිජන් නිපදවීම සිදුකරනු ලබන්නේ පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ශාක පත්‍ර මගින් අවශෝශ්ණය කර ඔක්සිජන් නිදහස් කරනු ලබයි. සාමාන්‍යයෙන් හොදින් වැඩුණු ගසක් වසරකට පුද්ගලයින් 10යකට ආශ්වාශ කළ හැකි ප්‍රමාණයට ඔක්සිජන් නිපදවීම සිදු කරයි.

අපට කොතරම්  සැප සම්පත් තිබුණද අපට ශාක නොමැතිව ජීවත් වීමට නොහැකි බව ඔබට පසක් වන්නට ඇත. අපව ජීවත් කරනුයේ අප වට පිටාවේ ඇති ශාකයි.

                   අපගේ ප්‍රධානතම අරමුණු වලින් එකක් වනුයේ ශාකයක වටිනාකම ඔබට පසක් කර දීමයි.

මේ සඳහා අප විසින් වසර සිය දහස් ගනනක් පවතින වන මොඩියුලයක් ලෝකයට හඳුන්වාදීමට සූදානම්. මෙහිදි පැල 750 කින් යුක්ත වනාන්තරයක් ඉදි කරන අතර එහි දෛනික නඩත්තුවට හා පැල සඳහා ඔබට දායක විය හැක.

 

මේ සඳහා අප මෙම පැල ක්ෂේත්‍රයේ සිටුවා මෙම පැල නඩත්තුව සඳහා මෙම පැල ඔබට වෙන්කර ගත හැක . 

 

දෛනික මුදල         = USD 0.5

මාසිකව                  = USD 15

 

ලෝකයට ඔබේ නමින් පැළයක් දායද කිරීම සඳහා අප සමඟ එකතු වන්න.