1. මිනිසාගේ මූලික ප්‍රධානතම අවශ්‍යතාවක් වන්නේ ඔක්සිජන්ය. අනෙක් අවශ්‍යතා කොතරම් තිබුනද   අපට ඔක්සිජන් නොමැතිව ජීවත් වීමට හැක්කේ සුළු කාලයක් පමණකි. නමුත් වර්තමානය වන විට තාක්ෂණික දියුණුව සහ ජන ගහනය වර්ධනයත් සමග ස්වභාවික ඔක්සිජන් සැපයුමට බාධා පැනනැගී ඇත. වර්තමාන ලෝකයේ අද වන විට ඔක්සිජන් මිලදී ගන්නා රටවල්ද දක්නට ලැබේ. ස්වභාවික ලෙස නොමිලයේ අපට ලැබෙන ඔක්සිජන් අප මුදල් වලට ලබා ගැනීමට තරම් සිදුවී ඇත්තේ මන්දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න. ස්වභාවික ලෙස ඔක්සිජන් නිපදවා දෙන ප්‍රභවයක් අප අතරම තිබියදී අප මුදල් වලට ඔක්සිජන් ලබා ගත යුතුද ?
 
මූලික ලෙස ඔක්සිජන් නිපදවනු ලබන්නේ ශාක වලිනි. නමුත් ශාක මගින් ඔක්සිජන් නිපදවනු ලබන බව අසා තිබුණත් කොපමණ ප්‍රමාණයක් නිපදවන්නේද? පරිසරයට එමගින් වන දායකත්වය පිළිබඳව ඔබ සිතා තිබේද?
ශාකයක් ඔක්සිජන් නිපදවීම සිදුකරනු ලබන්නේ පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ශාක පත්‍ර මගින් අවශෝශ්ණය කර ඔක්සිජන් නිදහස් කරනු ලබයි. සාමාන්‍යයෙන් හොදින් වැඩුණු ගසක් වසරකට පුද්ගලයින් 10යකට ආශ්වාශ කළ හැකි ප්‍රමාණයට ඔක්සිජන් නිපදවීම සිදු කරයි.
අපට කොතරම්  සැප සම්පත් තිබුණද අපට ශාක නොමැතිව ජීවත් වීමට නොහැකි බව ඔබට පසක් වන්නට ඇත. අපව ජීවත් කරනුයේ අප වට පිටාවේ ඇති ශාකයි.

                   අපගේ ප්‍රධානතම අරමුණු වලින් එකක් වනුයේ ශාකයක වටිනාකම ඔබට පසක් කර දීමයි.

මේ වන විට විශාල ගෝලීය අර්බුද රැසකට මිනිසාට මුහුණ දීමට සිදුව ඇත. මේවා විවිධ ක්ෂේත්‍ර වලින් පැන නැගුනද මේ සියල්ලටම හේතුවී ඇත්තේ මිනිසා විසින් පරිසරයට සිදුකල කෘතිම හා අනිසි බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙසයි. මෙලෙස පැන නැගී ඇති අර්බුද අතර.
  • ගෝලීය උණුසුම,
  • බලශක්තිය සීමා සහිත වීම,
  • විවිධ බලශක්ති අර්බුද,
  • ආහාර අර්බුද,
  • ජල හිඟය,
  • වායු දූෂණය,
  • වසංගත තත්ව,                ප්‍රධාන තැනක් ගනී.                                              

 අපගේ මෙම ප්‍රයත්නයෙහි  ප්‍රධානතම අරමුණ වන්නේ පරිසර හිතකාමී පරිසරයට ඇළුම් කරන පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වන පුද්ගලයෙකු ලෝකයට දායාද කිරීමයි.

මෙමගින් අප උත්සහ කරනුයේ මෙම අර්බුද වලට විසඳුම් සෙවීම සහ පරිසර හිතකාමි ලෙස ජීවත්වන ආකාරය කියා දීමටයි.