01). අරමුණු

  • ගෝලීය උණුසුම සීග්‍ර ලෙස ඉහල යාම, පරිසර දූෂණය, ජනගහනය සීග්‍රයෙන් ඉහල යාම, ආහාර අර්බුද ගෝලීය ව්‍යසනකාරී අවදානම මානසික සෞඛ්‍ය නීරෝගී නොවීම , දේශගුණික විපර්යාස, ජෛව තාක්‍ෂණ අවදානම, පාරිසරික බිඳවැටීම, න්‍යෂ්ටික සංහාර, වසංගත තත්ව ලොකයේ අප විසින් දැනට මුහුණ පා ඇති සහ ඉදිරි අනාගතයේදී මහත් ව්‍යසන තත්වයන්ට මුහුන දීමට සිදුවන ප්‍රශ්න සහ ගැටලු වේ.
  • මෙම ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සහ මුහුණ දිම අප එකිනෙකා  තනි තනි වශයෙන් නොව සාමුහික වශයෙන් සමාජයට ලෝකයට  මෙම  ගැටලු නිරාකරනය කර ගැනීම උදෙසා කටයුතු කිරීම අපගේ වගකීමක්  වන අතර අපට මෙම ලෝකයේ ජීවය පවත්වාගෙන යාමට  දායක  විය හැකිවේ. මෙසේ  අප වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් තව දශක 2-3 පෘථිවියේ ජීවය පවත්වාගත නොහැකි මට්ටමකට පත්වනු නොඅනුමානය.
  • මේ වනවිටත් බොහෝ ලෝක බලවතුන් මෙය තෙරුම්ගෙන තිබුනද ඔවුනටද මෙය තනිව සිදු කල නොහැකිය. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වේ.

ලෝක බලවතුන්ගේ අවදානයට යොමුවූ කරුණු කීපයක් පහත දක්වා ඇත.

“ මනුෂ්‍යත්වය ස්වභාව ධර්මයට එරෙහිව යුද්ධ කර ඇත. අප එය නැවැත්විය යුතුය. පෘථිවිය අපගේ එකම නිවසයි. අපි ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ට සීමා කළ යුතුයි. එකට ක්‍රියා කිරීමට කාලය දැන් පැමිණ ඇත.
ජනාධිපති චාල්ස් මයිකල්

තවද G7 සමුලුවේදී ලෝක බලවතුන් විසින් ගත් තීරන රැසක් පහත ඇමුණුමෙහි වේ.

  • ලෝකයේ මේ ඇතිවී ඇති අර්බුද සඳහා තරුණ ප්‍රජාව එකතු කොට ගෙන විසඳුම් සෙවීමට අප විසින් සිදු කරනු ලබන වෑයමක් වන අතර මේ සඳහා ඔබේ පූර්ණ සහයෝගය අප විසින් අපේක්ෂා කරනු ලබයි.
  • මේ ප්‍රශ්න සඳහා විසඳුම් ලෝක නායකින්ට, බලවතුන්ට පෞද්ගලිකව විසදා දිය නොහැකි අතර ඒ සඳහා අපද  එකට එකතු වී සාමූහිකව  මෙම ප්‍රශ්න සඳහා විසඳුම් සෙවිය යුතු වේ.
  • අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් ලෝකයට ආදර්ශයක් ලෙස  “මොඩුයුලයක්” (module) ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
  • මෙම ප්‍රශ්ණ වල වැඩි බලපෑම ඇත්තේ අප තරුණ හා ළමා පරපුරට වේ. දැනට අවු.1-20 වයස් කාණ්ඩ වල පසුවන දරුවන් තව අවුරුදු  20 කින් පමණ මෙම ප්‍රශ්ණ වලින් පීඩා විඳීමේ අවධානමට වඩා ඔවුන්ව දැනුවත් කර පරිසර පද්ධතියේ මෙම ප්‍රශ්න පිළිබඳව නිසි අවබෝධයක් හා තාක්ෂණික දැනුමක්  ලබාදීමෙන් ඉදිරි අවදානමට සාර්ථකව මුහුණ දීමට හැකිවනු නොඅනුමානය.
  • මෙම ප්‍රශ්න වල අවධානම් බව සහ බලපෑම පිළිබඳව අප තරුණ පරපුර දැනුවත් වී නිවරදිව කටයුතු කළ හොත්  ඔවුන්ට යම්තාක් දුරට ලෝකයේ  මෙම ප්‍රශ්න වලින් මිදීමට හැකි වේ. එමනිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මුළු ලෝකවාසීන්ම  දැනුවත් කිරීම උදේසා අප විසින් සිදු කරනු ලබන ප්‍රයත්නයක කොටසක් වේ.