ග්ලැසියර සෑදෙන අන්දම
ග්ලැසියරයක් සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ වටකුරු හෝ හාන්සි පුටුවක භූමි ආකෘතියකින් යුත් ප්‍රදේශ තුලයි. හිම පතිතවන එවැනි හැඩයන් සහිත භූමිවල හිම දියවෙන වේගයට වඩා වේගයෙන් හිම ගොඩ ගැසෙන කාලවලදී ග්ලැසියර් සෑදීම පටන් ගනී. හිම වැටීමෙන් මොහොතකට පසු සිටම කුට්ටි එක මත එක ගුරුත්වය යටතේ සම්පීඩනය වීම ඇරඹෙන අතර එය හිම ඝනත්වයෙන් වැඩිවීමටද, ඉතා තදින් ඇසිරීමට ද බලපායි. එම නිසා කාලයත් සමඟ සෙමෙන් සෙමෙන් එමින්තිබූ සිනිඳු ස්ඵටික බව , දැඩි රවුම් අයිස් පෙති දක්වා වෙනස් වේ. එම ආරම්භක අයිස් තට්ටු මතට එලෙසම තවත් හිම පතිත වී තවදුරටත් සම්පීඩනය වීමෙන් සහ ඒවායේ ඇති වාතය මිරිකී ඉවත්වීමෙන් ඝන අයිස් හෙවත් ග්ලැසියර් ඇතිවීම සිදුවේ. වසර ගණනාවක් ගතවීමේදී මෙම හිම ස්ථර මීටර් පනහට වඩා විශාල උසකින්, සහ ස්කන්ධවලින් යුත් ග්ලැසියර් කඳු බවට පරිවර්තනය වේ. ඒවායේ ස්කන්ධ කෙතරම්ද යන්න හොඳින්ම පැහිදිලි වන කරුණ වන්නේ උෂ්ණත්වය වැඩිවීමකින් තොරවම යට ඇති අයිස් දියවීමට තරම් පීඩනයක් යෙදීමයි. එම දියවන ජලයෙන් ග්ලැසියරයේ පතුල සුමට කරන අතර වටකුරු භූමිය පුරාම විහිදීයයි. එලෙස වටකුරු හෝ හාන්සි පුටු හැඩැති භූමිය පුරාම පිටාර ගලන තෙක් සිදුවේ. එවිට පතුලේ ඇතිවෙන අඩු ඝර්ෂණ බල නිසා ග්ලැසියර් කඳු ගුරුත්වජ ත්වරණය යටතේ ආනත, ප්‍රපාතාකාර බෑවුම් දිගේ චලනය වීමට පටන් ගනී. වසර ගණනාවක් තිස්සේම ඒවා මතට තවත් අයිස් එකතුවීමෙන් සහ අයිස් කුට්ටි වල වාතය ඉවත්වීමෙන් තවදුරටත් ඝනත්වය අධික හිම කුට්ටි සහ ග්ලසියර් කඳු නිර්මාණය වේ.
උදාහරණ:-
ග්ලැසියර් දියවීම හා එහි බලපෑම
ග්ලැසියර් වල ප්‍රයෝජන
ග්ලැසියර් දියවීමට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වීමයි. මෙම මුහුදු ජලයේ උශ්ණත්වය වැඩි වීම සඳහා විවිධ හේතුබලපානූ ලබයි. ඒ සඳහා බලපාන ප්‍රධාන හේතූ සාධක පහත දක්වා ඇත.
1. ඕසෝන් ස්ථරය තුනී වීම නිසා ජල පෘෂ්ඨය වැඩිපුර UV කිරණට නිරාවරණ වීම නිසා ජලයේ උශ්ණත්වය ඉහල යයි. එය ග්ලැසියර් දියවිම සඳහා ප්‍රධාන වශයෙන් බලපෑම් සිදු කරණු ලබයි. (මේ පිළිබඳව වැඩිපුර තොරතුරු අදාල කොටසේදි කතා කරණු ලැබේ.)
2. කර්මාන්ත ශාලා වලින් සහ විවිධ කාර්මික කටයුතු වලදී භාවිතා කරනු ලබන යන්ත්‍ර සිසිලන පද්ධති සඳහා මුහුදු ජලය යොදා ගනු ලබයි. මෙහිදි රත්වූ ජලය කර්මාන්ත ශාලා වලින් මුහුදට යොමු කරනු ලබයි, එමනිසා මුහුදු ජලයේ උශ්ණත්වය ඉහල යාම ග්ලැසියර් වලට බලපෑම් කරයි.
3. මුහුදාශිත කටයුතු කරන යන්ත්‍ර සූත්‍ර වලදී පද්ධති සිසිලනය සඳහා මුහුදු ජලය යොදාගනු ලබයි.
4. Bit coin Mining center සහ Data center වලදී භාවිතා කෙරෙන පරිගණක මගින් අධික තාපයක් නිපදවන අතර සිසිලන පද්ධති සඳහා තෝරාගෙන ඇත්තේ මුහුදු අභ්‍යන්තරයේ සහ ග්ලැසියර් ආශ්රිත ප්රදේශයි.
5. අසීමාන්තික ලෙස ඛණිජ තෙල් නිස්සාරණය හේතුවෙන් පොළව අභ්‍යන්තර උශ්ණත්වය පෘථිවිය මතුපිටට පැමිණීමට පටන්ගෙන ඇත. මෙයද ඍජුවම ග්ලැසියර් දියවීමට බලපානු ලබයි. වර්තමාන ලෝකයේ නිසි අවබෝධයක් නොමැති කම නිසා අසීමාන්තික ලෙස තෙල් නිස්සාරණය කරයි. ස්වභාවික ලෙස තෙල් පිහිටා ඇත්තේ පද්ධති සිසිල් කිරීම උදේසා පරිවාරක ද්‍රව්‍යයක් ලෙසයි. ( උශ්ණත්වය සන්නයනය සඳහා) නමුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම පද්ධතිය අසමතුලිත වී ඇත.
තාපය ඛණිජ තෙල් හරහා ගමන් කිරීම
උශ්ණත්වය වැඩි පරිසර පද්ධතියක්
අභ්‍යන්තර ඛණිජ තෙල් හරහා උශ්ණත්වය පරිවහණය
උශ්ණත්වය අඩු පරිසර පද්ධතියක්
6. මුහුදු ජලයේ උශ්ණත්වය පාලනය කිරීම සඳහා ස්වාභාවික ලෙසම දිය වැල් පිහිටා ඇත, මේවාටද මිනිසා විවිධ බලපෑම් කිරීමට මිනිසා පටන් ගෙන ඇත.
7. දැනට දියුනු රටවල භාවිතා කරනුයේ න්‍යෂ්ටික බලාගර තුල නිපදවන බලශක්තිය වන අතර, ලෝකයේ භාවිතා කරන න්‍යෂ්ටික විදුලි බලාගාර උශ්ණත්වය ඉහල යාමට හේතු වේ. මෙම න්‍යෂ්ටික බලාගාර ෆ්‍රී කාබන් ලෙස හදුන්වනු ලබයි. මෙය එසේ සදහන් කරනු ලබන්නෙ කිසිම දහන ද්‍රව්‍යක් පිට නොකරන නිසාවෙනි. නමුත් මෙමගින් අධිකව තාපය පිට වේ. මෙමගින් මුදාහරින වැඩි තාප ප්‍රමාණයක් ජලයට මුදා හරින අතර එවිට ජලයේ උෂ්ණතවයද ඉහළ යනු ලබයි.
ග්ලැසියර් දියවීමේ බලපෑම
1. ජන ගහන ව්‍යාප්තිය නිසාම බල ශක්ති සදහා ඇති ඉල්ලුම මෙන්ම පරිභෝජනයද වැඩි වී ඇත. මෙය අත්‍යාවශ්‍ය සාධකයක් නිසාම වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වීමේ තත්වයන් සීමා කිරීම සදහා ගල් අගුරු ආදි බලශක්ති ක්‍රම වෙනුවට විකල්ප බලශක්ති ක්‍රම යොදාගත හැකිය.
උදාහරණ:-
3. පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම, සාමාන්‍යයෙන් පොසිල ඉන්ධන අප එදිනෙදා ජීවිතයේදී භාවිතයට ගැනෙනුයේ.
වැනි විවිධ කටයුතු සඳහා අප පොසිල ඉන්ධන භාවිතා කරන අතර අපට මෙම අවශ්‍යතා සඳහා විකල්ප බලශක්ති ප්‍රබව සඳහායොමුවිය යුතුය.
4. සූර්ය බල ශක්තිය එක් විකල්ප බලශක්ති උත්පාදන ක්රමයකි. ලංකාව සමකය ආසන්නයේ පිහිටි රටක් බැවින් වැඩි කාලයක් සූර්ය තාපය පවතින වියලි කාලගුණයක් ඇති ලංකාව වැනි රටකට සූර්ය තාපයෙන් උපරිම ප්‍රයෝජනයක් ගත හැකිය. සූර්ය තාපයෙන් විදුලිය උත්පාදනය කරන විදුලි උත්පාදන ක්‍රමයක් වූ සූර්ය බල ශක්ති තාක්ෂණය ශ්‍රී ලංකාව වැනි රටකට වඩා යෝග්‍ය විකල්ප බලශක්ති ක්‍රමයක් වෙයි. (iQ¾h)
විවිධ බලපෑම් හේතුවෙන් වායුගෝලීය වායු ප්‍රතිශතය වෙනස්වීම වායු දූශණය ලෙස සරලව අර්ථ දැක්විය හැක
මෙයට හේතු ලෙස,
වැනි හේතූන් පෙන්වා දිය හැකිය.
ඕසෝන් ස්ථරය යනු,
හරිතාගාර ආචරණ,
01.ස්වභාවික හරිතාගාර ආචරණය
02. ඉවැඩි හරිතාගාර ආචරණය
විසඳුම්,
ජල චක්‍රය:
මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවී නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයන අතර එයින් සමහරක් පස තුළට කාන්දුවේ.
මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවනු ලබයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල වකවානුවක් තිස්සේ රඳවා ගනිති. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිඩැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.
නූතන තාක්ෂණික දියුණුව ගෝලීයකරණය, ජන ග්‍රහන ව්‍යාප්තිය ආදිය හේතුවෙන් ජල ගැටලු වලට මුහුන පෑමට සිදු වී ඇත. ජන ගහනය වැඩි වීමත් සමගම පහත් බිම් ගොඩකරමින් වනාන්තර එලිකරමින් සිදු කරන කොන්ක්‍රීට් කරනය නිසා ස්වභහවික ජල චක්‍ර කියාවලියට ඍජුවම බාධා පමුනුවයි. උස් බිම් පහත් බිම් ලෙස වර්ග කර දැක්වීමේ විශේෂිත අවශ්‍යතා රැසකි.
පහත් බිම් මගින් අධික වර්ෂාපතනයක් සහිත කාල වලදී ජලය රදවා තබා ගනි. පසුව එම ජලය පස තුළට කාන්දු වී භූගත ජලධර වලට එකතු වේ. නමුත් මෙම පහත් බිම් ගොඩ කර ඉදිකිරිම් කටයුතු සිදු කිරීමට මිනිස්සුන් ක්‍රියා කරයි. එවිට මෙම භූගත ජලධර වලට ජලය එකතු වීමේ ක්‍රියාවලියන් ඇන හිටී. එපමණක් නොව අධික වර්ෂාවක් සහිත කාල වලදී පොළව මත එකතු වන ජලය මාස ගණනක් ගෙන විඩෙන් විඩ පොළව තුලට කාන්දු වේ නමුත් පහත් බිම් ගොඩ කිරීම හේතුවෙන් ජලය කාන්දු වීමට අවස්ථාවක් නොමැතිවේ. මෙම කාරණාව හේතු කරගෙන ජල ගැලීම් (ගංවතුර) ආදියට මුහුණ පෑමට සිදු වේ. උදාහරණයක් ලෙස ගත හොත් ජලය බැසීමට ඇති කාණුවක් තුළ ඉදිකිරිම් සිදු කර ජලය බැසීම අඩාල කර එම කාණුව උතුරා යන මට්ටමට පත්වීම වැනිය.
මෙය සෑම අවස්ථාවකදීම බලපාන විශාල ගැටලුවකි. ජල ගැලීම් ඇති වුවද ඒවා පහව ගිය පසු ජල ගැටලු නොවිසෙදෙනා කරුනක් වනු ඇත. එයට හේතුව නම් පස තුළට ජලය කාන්දු නොවී ජල ගැලීමක් ඇති වූ නිසා භූගත ජලධර හිස්ව පවතී. මේ නිසා වර්ෂාව නොමැති කාල වලදී ලිං, නළ ලිං වලද ජලය හිස් වේ.
ලිං , නළ ලිං ආදියට ජලය සැපයෙනූයේ භූගත ජලධර වලිනි නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතු සාධක කරගෙන භූගත ජලධර වල ජලය නොමැති වීම හේතුවෙන් ලිං සිදී ගොස් නියං තත්වයන්ද ඇති විය හැකිය. භූගත ජලධර යනු වර්ෂාව නොමැති කාලයේදී ජලය ලබා ගැනීමට සකසා ඇති ජල ගබඩාවක් වැනිය. වර්ෂා කාලයේදී මෙම ජල ගබඩාව නිසි ලෙස සම්පූර්ණ නොවුන හොත් වර්ෂාව නොමැති කාල වලදී නියං තත්ව වලට මුහුණ පෑමට සිදු වේ.
එපමණක් නොව ජල ගැටලු ජලය ලබා ගන්නා ක්‍රම වල මෙන්ම ලබා ගන්නා ජලයේද පවතී. අප ලබා ගන්න ජලය ගුණාත්මකභාවයෙන් යුක්තද? යන්න ගැටලුවකි. ඉතාමත් අපිරිසිදු නොවුනද තරමක් දුරට අපිරිසිදු කාරක එකතු වූ ජලය භාවිතයට ගැනීමට සිදු ව ඇත.විදෙස් රටවල විවිද තාක්ෂණික ක්‍රම ඔස්සේ සෑම අයෙකු පාහේම ජලය පෙරීමකට ලක් කර පානය කරනු ලබයි.
නමුත් තුන්වෙනි ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවට එසේ තාක්ෂණික ක්‍රම ඔස්සේ සියල්ලක්ටම ඉදිරියටයාමට නොහැකි වී ඇත. අතීතයේ මිනිස්සුන් ජලය පිරිසිදු කිරීමට අගුරු ආදිය භාවිතා කල අතර එකල මේ ලෙස අපිරිසිදු වූ ජලය නොතිබුනි.නමුත් නූතනයේ ජලය පිරිසිදු කිරීමට පෙරීමට තාක්ෂණය යොදා ගත යුතුම වේ. නමුත් මිනිස්සුන් මෙය වැඩි තැකීමකින් තොරව ජලය පානය කරයි. මෙය වකුගඩු ආශ්‍රිත් රෝග සදහා මූලික අඩිතාලමක් වැනිය.
ලෝකයෙන් අතුරුදන් වූ මුහුද
ජල දූශණය සිදුවන ආකාර:
උදාහරණ:-
සත්ත්ව පාලනයේදී අපද්‍රව්‍ය ජලයට මිශ්රවීම.
උදාහරණ:-
7. ස්වභාවික ආපදා නිසා ජල දූශණය,
විසඳුම්:
කෙතරම් නිසි ලෙස කසළ බැහැර කරන ලෙස දැනුවත් කලද ඒවා නිසිපරිදි සිදු නොකිරීම නිසා ඉතා ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුන දීමට මේ වන විට සිදු වී ඇත. කසල බැහැර කිරීම නිසිලෙස සිදු කිරීම සදහා විවිධ සංකල්ප මේ වන විට හදුන්වා දී ඇත.
මූලික වශයෙන්, 3R (Reduce-Reuse-Recycle) සංකල්පය යනු අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පියවර අනුපිළිවෙලකි.
ඉහළම ප්‍රමුඛතාවය වන්නේ,
“කසළ ද්‍රව්‍ය කුණු කන්දට බැහැර කිරීමට පෙර දෙවන අවස්ථාවක් ලබා දීමයි.”
පාංශු සංරක්ෂණයේ ප්රතිලාභ:
අතීත මානවයා පරිසරය හා සහ සම්බන්ධව කටයුතු කළ අතර ඔවුන් පරිසරය අභිබවා යෑමට කිසිදු ලෙසකින් උත්සාහයක් දරා නොමැත.ඔවුන් නිරන්තරයෙන්ම පරිසරය හා සාමූහිකව කටයුතු කිරීමට උත්සාහ දරා තිබේ.
ඒ බව ප්රාග් ඓතිහාසික අවධියේ දී මානවයා කටයුතු කරන ලද ආකාරයන් පිළිබඳව අධ්‍යනය කිරීමේදී පැහැදිලිව හඳුනාගත හැකිය. ප්රාග් ඓතිහාසික මානවයා සතුන් දඩයම් කළ ද ගස් වල ඇති පලවැල නෙළා ආහාරයට ගත්තද පරිසරයට හානි පැමිණවීමට හෝ පරිසරය වෙනස් කිරීමට උත්සාහයක් දරා නොමැත.
පූර්ව ඓතිහාසික අවධිය වන විට ස්ථිර වාසයට යොමු වූ මානවයා ක්‍රමයෙන් පරිසරය වෙනස් කිරීමට උත්සහ දැරුවද එයින් පරිසරයට හානි වීම වැළැක්වීමට සෑම අයුරින්ම කටයුතු කර තිබේ.ලෝහ මෙවලම් භාවිතයට හුරු වුවද මැටි මෙවලම් නිෂ්පාදනයට හුරු වුවද ඔවුන් පරිසරයෙන් ලබා ගන්නා ලද සම්පත් වලට කෘතගුණ සැලකීම නිරන්තරයෙන්ම සිදු කර ඇත.
ඔවුන් සිය අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතයට ගන්නා ලද ස්වාභාවික දේවල් සෑම විටම පරිසර හිතකාමී ඒවා විය.ඔවුන් පරිසරයෙන් ලබා ගන්නා ලද ස්වාභාවික දේවල් භාවිත කරමින් සිය අවශ්‍යතා සපුරා ගන්නා අතර සෑම ඉදිකිරීමක් ම පරිසරයට හිතකර ලෙස ඉදිකිරීම් කර ඇත.
වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉතා අගනා නිර්මාණ ඉදි කිරීමේදී භූමියට හානි නොවන ලෙසින් ඒවා කැණහිල් කිරීමටත් අතීත මුතුන් මිත්තන් කටයුතු කර තිබේ.
එමෙන්ම ඔවුන් වැසිකිළි කැසිකිළි කටයුතු වල දී බැහැර වන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමේදී නියමිත ක්‍රමවේද අනුගමනය කර ඇත.එහිදී අපද්‍රව්‍ය මැටි වලින් නිමවන ලද විශාල මුට්ටි හරහා තේරීමකට ලක් කොට ඉන්පසුව මුදා හැරීම සිදු කර තිබේ. එයින් පරිසරයට එක් වන එක් වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම මූලාශ්‍ර වලට මෙන්ම පසට ද මිනිස් ක්‍රියාකාරකම් තුළින් සිදුවිය හැකි හානිය අවම කර කරවා තිබේ ඊට අදාළ සාධක රාශියක් අපට වර්තමානයේ දී පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණ මගින් මගින් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී ඇත.
එවන් ආකාරයෙන් පරිසරයට සංවේදී ලෙස කටයුතු කරන ලද අතීත මානවයා ලෝකය තුළ ඇති වූ ඇති වූ කාර්මීකරණයත් සමග ක්‍රමයෙන් පරිසරය කෙරෙහි සංවේදී වීමට කටයුතු කර ඇති බව අපට පැහැදිලි වේ.
ඒ නිසාවෙන් අද වන විට පරිසරය සෑම අතින්ම එනම් ජලශ්රිතව, වායුමය, පාංශුමය, මෙන්ම ශබ්ද යන සෑම අංශයකින්ම දූෂණයට ලක් වී තිබේ.
අද වන විට හඳුනා ගත හැකි වායුමය දූෂණය සඳහා බෙහෙවින්ම බලපා ඇත්තේ කාර්මීකරණයයි. කර්මාන්ත ශාලාවලින් පිටවන දුම්, වාහන වලින් පිටවන දුම් , බෙහෙවින් හේතුවී ඇත.
පාංශු දූෂණය හෙවත් භූමි දූෂණය සඳහා බලපා ඇත්තේ අන් කිසිදු බලපෑමක් නොව මානව ක්‍රියාකාරකම් පමණි. මානවයා ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් භාවිතයට ගනු ලබන දිරාපත් නොවන අපද්‍රව්‍ය පාංශු දූෂණය බෙහෙවින් වැඩි වී ඇත.කාර්යබහුල දිවි පැවැතඅත් සමඟ අතීත මිනිසුන් භාවිතා කරන ලද නැවත නැවත භාවිත කළ හැකි හෝ ස්වාභාවික පරිසරය හා සමීප නිර්මාණයන්ගෙන් හෝ නිෂ්පාදනයන් ගෙන් ඈත්ව, ප්ලාස්ටික් පොලිතින් වැනි අමුද්‍රව්‍ය යන්ගෙන් නිර්මිත දෑ භාවිතා කිරීමට මිනිසුන් පෙළඹී තිබේ. ඔවුන් සිය පහසුව පමණක්සලකා එවැනි නිෂ්පාදනයන්ට යොමු වුවද එයින් පරිසරයට සිදු වන්නේ අති මහත් හානියකි. ක්ෂණික ආහාරපාන ඇසුරුම් කර ඇති දවටන මේ අතර ප්‍රධාන වේ.
මිනිසා කෙතරම් දක්ෂ වුවත් වූවත් පරිසරය කෙතරම් වෙනස් කලත් පරිසරයට අභියෝග කිරීමෙන් මිනිසාට පැවැත්මක් නොමැති බව වර්තමානය වන විට වනවිට ක්‍රමයෙන් පැහැදිලි වෙමින් ඇත ඒ බව තේරුම් ගෙන අප අතීත මානවයාගෙන්ද ආදර්ශ ලබමින් පරිසර හිතකාමීව පරිසරයට සංවේදී වෙමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ හරහා පරිසරයෙන් අපට ලැබෙන දායාදයන් නොමසුරුව පරිසරය විසින් අපට ලබා දෙනු නොඅනුමානය.
විසඳුම්:
1.ස්වාභාවික ඇසුරුම් භාවිතා කිරීම.
2.ස්වාභාවික නිශ්පාදන භාවිතා කිරීම.
3.දිරාපත් වන ද්‍රව්‍ය භාවිතය වැනි ක්‍රියාමාර්ග මගින් සිදුවන හානිය අවම කරගත හැකිය.
4.හොඳම විසඳුම ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමයි.
එය අපද්‍රව්‍ය යම් නව හෝ භාවිතා කළ හැකි නිෂ්පාදනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය වන අතර එමඟින් අපද්‍රව්‍ය බැහැර කිරීම වළක්වයි. පැහැදිලිවම කුණු ගොඩකිරීමේ ක්‍රමයට බොහෝ සීමාවන් ඇත. උපරිම සැලකිල්ලක් දැක්වූවද කුණු ගොඩකිරීම් වායු ජලය සහ ගොඩබිම දූෂණය වීමට ඉඩ ඇත.
© 2021 beyondorganicworldbook.com – All rights Reserved | Powered by MES